Terms and Conditions

  • මෙය සම්පූර්ණයෙන්ම රාජ්‍ය සේවාවකි.
  • මෙහි ඇතුළත් කරන සියලු අවන්හල් නීත්‍යානුකූල අවන්හල් පමණක් විය අතර ඇතුළත් කර ඇති අවන්හල් නීත්‍යානුකූල නොවන බව අනාවරණය වුවහොත් එය වෙබ් අඩවියෙන් ඉවත් කෙරේ.
  • සංචාරක සේවාවක් පමණක් වන අතර, ඔබගේ ආයතන සම්බන්ධයෙන් පැන නඟින නෛතික ගැටළු සඳහා මෙම වෙබ් අඩවිය විසඳුමක් නොවන බව වටහා ගත යුතුය.
  • සංචාරක කර්මාන්තයට අදාළව රජය විසින් පනවා ඇති සහ ඉදිරියේදී පනවනු ලබන සියලුම නීතිරීතිවලින් ඔබ ආයතනය ආවරණය වී තිබිය යුතුය.
  • වෙබ් අඩවියේ නඩත්තුව හා ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ඔබගේ අවන්හල සඳහා ලැබෙන එක් ඇණවුමකින් 5% බැඟින් සියලුම ඇණවුම් සඳහා මාසිකව සේවා ගාස්තුවක් අය කරනු ලැබේ. මෙය අවස්ථානුකූලව වෙනස් විය හැකිය අතර, එවන් අවස්ථාවලටද ඔබ එකඟ වූවා සේ සලකනු ලැබේ.
  • පෙර මාසයේ සේවා ඊළඟ මස 10 වන දිනට පෙර ගිණුම් ගත කළ යුතුය. නියමිත දිනට අදාළ ගාස්තුව ගෙවීමට ඔබ කටයුතු නොකළ හොත් 11 වන දින සිට ඔබ අවන්හලේ තොරතුරු වෙබ් අඩවියේ ප්‍රදර්ශනය නොවනු ඇත.
  • ඉන් පසුව ඔබ මෙය සක්‍රීය කර ගැනීමට කටයුතු කරන්නේ නම් හිඟ සේවා ගාස්තුව සමඟ දඩයක් ලෙස රු.1000/= ක මුදලක් අය කරනු ලැබේ.
  • අඛණ්ඩව මාස 03 ක් දඩ මුදල් ගෙවන අවන්හල් මෙම වෙබ් අඩවිය තුළ තවදුරටත් රුඳී සිටීමට කිසිදු අවස්ථාවක් නොලැබෙනු ඇත.
  • මෙම වෙබ් අඩවිය සඳහා ඔබට ලැබෙන ඇණවුම, එසේ නොලැබෙන බව වෙබ් අඩවියේ සඳහන් කර, පැමිණෙන සංචාරකයන් ඔබ අවන්හලේ රුදී සිටි බව සංචාරකයා හරහා අප වෙත තහවුරු වුවහොත්, පසුදින සිට ඔබගේ අවන්හල මෙම වෙබ් අඩවියෙන් ඉවත් කරනු ඇත.
  • ඔබගේ අවන්හල සම්බන්ධයෙන් නේවාසිකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාරයන් ඉතා දුර්වල මට්ටමේ අඛණ්ඩව මාස 03ක් පවතී නම් එය ඔබ අවන්හල මෙම වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට හේතුවක් වනු ඇත.
  • මෙම වෙබ් අඩවිය තුළ ඔබගේ අවන්හලේ පවතින පහසුකම් සාවද්‍ය ලෙස ඇතුළත් කිරීම සපුරා තහනම්.
  • මෙම වෙබ් අඩවිය ගන්නා සංචාරක ඇණවුම් ලබා ගැනීම සදහා ඔබ දක්ෂ විය යුතු අතර, වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කිරීම තුළ ඔබ වෙත ඇණවුම නොලැබුණහොත් ඒ සඳහා ඒ සඳහා වෙබ් අඩවිය පවත්වාගෙන යන ආයතනය වගකීමට බැඳී නැත.
  • සංචාරකයට ඔබ අවන්හලට ඇතුළු වී පැය 24ක් තුළ සියළු මුදල් ලබා ගැනීම ඔබගේ වගකීමක් වන අතර, මුදල් නොගෙවීම, සංචාරකයා නිසා ඔබ අවන්හලට යම් අඩුපාඩුවක් සිදු වුවහොත් එය මගහරවා ගැනීම හා සංචාරකයා සිදු කරනු ලබන පැමිණිලි සම්බන්ධයෙන් ද අප විසින් වග කියනු නොලැබේ.
  • වෙබ් අඩවිය සම්බන්ධයෙන් වන පාරිභෝගික සේවාව සලසනු ලබන්නේ රජයේ වැඩකරන වේලාව තුළ පමණක් බව වටහා ගත යුතුය.
  • ඔබගේ ව්‍යාපාරය පසු බෑමකට ලක් වී තිබේ නම් හා ව්‍යාපාරයේ සාර්ථකත්වයට අවශ්‍ය ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමට වෙබ් අඩවිය පවත්වාගෙන යන ආයතනය ලෙස අප විසින් සිදු කරනු ලැබේ.
  • ඉහත සඳහන් නීතිරීතිවලට ඔබ එකඟ වූවා සේ සලකනු ලබන්නේ මෙම ගිවිසුමට එකඟ වීමෙන් පසුව ය.

Post Discussion

Be the first to comment “Terms and Conditions”